'ඔමික්‍රෝන්' ඇතුල්වීමට පෙර රටවල් 50ක් දේශසීමා වසයි

දෙසැ 01, 2021

    ‍ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, එන්නත්කරණයට ලක් නොවූ සහ අවුරුදු 60ට වැඩි පුද්ගලයන් ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා තවදුරටත් වැඩි අවදානමකට මුහුණ පා සිටින බවයි.

    එවන් පුද්ගලයන් සිය රටවල් තුළ හෝ විදේශ සංචාර සිදුකිරීම අතිශය අවදානම් බව එම සංවිධානය පවසයි.

    කෙසේ වුවද, මේ වන විටත් ලොව රටවල් 50කට අධික සංඛ්‍යාවක් ඔමික්‍රොන් ප්‍රභේදය ඇතුලුවීම වැළැක්වීමට දේශසීමා වසා දැමීමටත් දැඩි නීති බලාත්මක කිරීමටත් ක්‍රියාකර තිබේ.

    සිංගප්පූරුව එරටට පැමිණෙන සියලු සංචාරකයන් සඳහා නව නීති හඳුන්වා දී තිබේ. ඒ අනූව වෛරසය ආසාදනය වී නොමැති බව සනාථ කෙරෙන පී සී ආර් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්යයි.

    ඊට අමතරව ගුවන් තොටුපොළේ දී ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂා සිදු කිරීමටත් එරට රජය සැලසුම් කර ගෙන තිබේ.

    Last modified on බදාදා, 01 දෙසැම්බර් 2021 11:27

    Latest News