උලපනේ සුමංගල හිමිට ඇප

අප්‍රේ 26, 2024
    අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ සිටි පූජ්ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා.

    ඒ අනුව සුමංගල හිමියන් ඇතුළු සැකකරුවන් හතර දෙනකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර අප මත මුදා හැරීමට යොමු කළ මහේස්ත්රාත්වරයා තවත් සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමටද නියෝග කළා.

    සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහේස්ත්රාත්වරයා විසින් සැකකරුවන්ට අවවාද කළා.
     
    නාරාහේන්පිට , දාබරේ මාවතේ පිහිටි පැල්පත් නිවාස කීපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේදී ඊට පස්සේ බාධා කරමින් විරෝධය පෑ බවට සුමංගල හිමියන් ඇතුළු පිරිසට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

    Latest News