'ආයෙත් ලංකාවට අරගල නෑ' - ජනපති

අප්‍රේ 26, 2024
    ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළා.

    කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ යළි ගොඩනැඟීමට හැකිවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් රට තුළ ඇතිකර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බව ද කියා සිටියා.

    ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ITC රත්නදීප අධි සුඛෝපභෝගි හෝටලය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (25) එක්වෙමින් මේ බව සඳහන් කළා.
     
    "අවුරුදු දෙකකට කලින් මෙතෙන තිබුණේ විශාල උද්ඝෝෂණයක්. මෙතෙන තිබුණේ අරගලයක්. වටේ වට කරලා තිබුණා. අද ඒ වෙනුවට තියෙන්නේ, විශාල හෝලයක්. ITC සමාගමේ, හෝටලය මෙතැන තියෙන Ratnadipa. අවුරුදු දෙකකින් ස්ථාවරභාවය ඇති කළා. අවුරුදු දෙකකින් ආර්ථිකයට පණ දුන්නා. අපි එතැනින් ඉදිරියට යන්නේ. මෙතැන තියෙන අවුල පහුකරලා, අපි ඒ වෙනුවට අලුත් ආර්ථිකයක් හදන්න ක්රියාකරගෙන යනවා. කිසි දවසක ආපහු අරගලයට යන්න එපා. තමන්ගේ ආර්ථිකය ආපහු කඩා වැටිලා වැඩක් නෑ. අස්ථාවරභාවයක් ඇති කරලා වැඩක් නෑ. අපි මෙතැන ඉඳන් ඉදිරියට යමු මීට වඩා හොඳ රතන දීපයක් ඇති කරන්න."

    Latest News