වැඩිම ඔමික්‍රෝන් ආසාදිතයින් එක්සත් රාජධානියෙන්

දෙසැ 23, 2021

    මේ වන විට ලොව වැඩිම ඔමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වී ඇති රට බවට පත්ව ඇත්තේ ද එක්සත් රාජධානියයි.

    වෛරස ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ අවුරුදු 5 සිට 11 දක්වා වයස්වල පසුවන අවදානම් සහිත දරුවන් එන්නත්කරණයට ලක් කිරීමට රජය තීරණය කර තිබේ. එම දරුවන්ට වැඩිහිටියන්ට ලබා දෙන ෆයිසර් එන්නත් මාත්‍රාවෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ලබා දීමටයි, එරට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ.

    සති 6කට පසු දෙවැනි මාත්‍රාවක් ‍ලබා දීමටත්, නිර්දේශ කර තිබේ. ප්‍රංශයෙන් ද ඊයේ අසූපන් දහසකට ආසන්න ‍කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා විය හැකි බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    මේ අතර ස්පාඤ්ඤය ඔමික්‍රෝන් ව්‍යාප්තිය පාලනය සඳහා පොදු ස්ථානවල මුව ආවරණ පැළඳීමේ නීතිය යළි ක්‍රියාත්මක කර තිබේ. යුරෝපා රටවල් රැසකම මේ වන විට කොරෝනා ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස ඉහළ ගොසින්.

    එය පාලනය සදහා බොහෝ රටවල් නව සීමාවන් ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 දෙසැම්බර් 2021 11:34

    Latest News