වීසා ගන්න අලුත් ක්‍රමයක්

අප්‍රේ 17, 2024
    ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නව වීසා හා නව මාර්ගගත ක්රමවේදය ක්රියාත්මක කිරීම, අද සිට ආරම්භ කෙරෙනවා.

    මාර්ග ගත ක්රමවේදය ඔස්සේ වීසා අයඳුම් කිරීම, හඳුන්වා දීම තුළින් වේගවත් හා කාර්යක්ෂමව වීසා අයඳුම් කිරීමට හැකි බවයි, එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

    දැනට ක්රියාත්මක වන " ETA ක්රමවේදය වෙනුවටයි, මාර්ගගත ක්රමවේදය වන "E වීසා පද්ධතිය" හඳුන්වා දෙන්නේ.
     
    එය "G B S ටෙක්නොලජි සර්විස් " & "I V S ග්ලෝබල් ආයතනය" සමග එක්ව ක්රියාත්මක කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. www.srilankaevisa.lk වෙත පිවිසීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකියි.
     
    එසේම, මාර්ගගත ක්රමවේදය ඔස්සේ වීසා අයඳුම් කිරීම තුළින් විදෙස් සංචාරකයින්ගේ හා ආයෝජකයින්ගේ ආකර්ෂණ ලබා ගැනීම, විදෙස් මිනිමය ආයෝජනය වැඩි කර ගැනීම හා මෙරට ආර්ථික සංවර්ධනයට දායක වීම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි.

    Latest News