කැනඩා ඉතිහාසයේ විශාලම රන් කොල්ලය

අප්‍රේ 19, 2024
    කැනඩා ඉතිහාසයේ විශාලතම රන් ජාවාරම හසු කරගැනීමට එරට පොලිසිය සමත් වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කළා.

    පසුගියදා ටොරොන්ටෝ නුවර පියර්සන් ගුවන්තොටුපොළෙන් සොරා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 14.5ක් වටිනා රන් පොලු 6,500ක් සමඟ මිලියන ගණනාවක මුදල් තොගයක් අත්අඩංගුවට ගැනීමට පසුගියදා කැනඩාවේ පොලිසියට හැකි වී ඇතැයි ද, ඒ සමඟම කැනඩාවේදී භාවිත කිරීමට සැලසුම් කර තිබු අවිආයුධ තොගයක් සමඟ සැකකරුවකු අමෙරිකාවේ දී අත්අඩංගුවට පත් වී ඇතැයි ද විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කළා.

    සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් මේ රන් ජාවාරම සහ අවි ජාවාරම සිදු කර ඇතැයි කැනඩාවේ පොලිසිය ප්රකාශ කර ඇති අතර, සෝදිසි වරෙන්තු මත වැටලීම් සිදු කරමින් එම අපරාධය අනාවරණය කරගත් බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    Latest News