නාසා ආයතනයෙන් විශ්මිත සොයා ගැනීමක්

අප්‍රේ 21, 2024

    නාසා ආයතනය බ්‍රහස්පති ග්‍රහයා ආශ්‍රිතව නව සොයා ගැනීමක් සිදුකර තිබෙනවා.

    එම ආයතනය පවසන්නේ,  බ්‍රහස්පති ග්‍රහ‍යාගේ  "අයෝ" නැමැති චන්ද්‍රයා මත විශ්මිත දූපත් කිහිපයක් අනාවරණය  කර ගැනීමට හැකි වූ බවයි.

    සෞරග්‍රහ මණ්ඩලයේ  ගිනිකඳු සක්‍රීයව පවතින ග්‍රහලෝකය ලෙස " බ්‍රහස්පති" ග්‍රහයා සැලකෙනවා. බ්‍රහස්පතිගේ "අයෝ" නැමැති චන්ද්‍රයා මත නවතම භූවිද්‍යාත්මක  ආශ්චර්යමත් සොයා ගැනීමක් සිදු කළ බව, නාසා ආයතනය පවසනවා.

    "අයෝ" චන්ද්‍රයා මත විචිත්‍රවත් ලාවාවලින් සැදුම්ලත් විලක් සහ අසාමාන්‍ය ලෙස බෑවුම් සහිත කඳු මෙන්ම, විශ්මිත දූපත් කිහිපයක් අනාවරණ කර ගැනීමට හැකි  වූ බවයි, එම ආයතනය පෙන්වා දෙන්නේ. නවතම සොයා ගැනීම සිදුකර ඇත්තේ, "ජූනෝ" නැමැති අභ්‍යවකාශ යානය මගින්.   

    "අයෝ" චන්ද්‍රයා මත පිහිටි "ලාවා විල" මගින් වීදුරු ලෙසින්, ආලෝකය පරාවර්තනය කරන බව සඳහන්. "‍‍ලෝකි පටෙරා" ලෙස නම් කර ඇති මෙම ලාවා විල,  කිලෝ මීටර 200 ක් දක්වා විහිද පවතින අතර, විල මධ්‍යයේ විශ්මිත දූපත්  කිහිපයක් ද පවතින බව, නාසා ආයතනය පවසනවා.            

    Latest News