අවුරුදු යයි - පාචනය එයි

අප්‍රේ 20, 2024

    අලුත් අවුරුදු කාලයෙන් පසු කුඩා දරුවන් අතර පාචනය රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවනතාවක් පවතින බව, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

    උත්සව කාලයේ ගමන් බිමන් යෑමත්, මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර සංසරණය වීමත් සමග මෙම රෝගය ව්‍යාප්තිය සිදුවනු ඇති. වමනය, බඩඑළිය යෑම පාචනය රෝගයේ මූලික ලක්ෂණ වන අතර එසේ ඇත්තනම් සුදුසුකම් ලත් ද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වනවා. පාචනය රෝගය සඳහා බැදිහාල් කැඳ ආහාරය ගැනීම සුදුසු බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කරනවා. 

    මේ අතර දරුවන්තුල හතිය ඇතිවීමේ ප්‍රවනතාව වැඩි වී ඇති බවත්, ඉන්ෆ්ලුවෙන්සා, වෛරස් උණ වැනි රෝගයද මේ දිනවල ව්‍යාප්ත වී තිබෙනව බවයි ඔහු පවසන්නේ. කුමන හෝ රෝග ලක්ෂණයක් ඇත්නම් දරුවන් නිවසේ රඳවාගෙන විවේක ගැන්වීම අත්‍යවශ්‍ය බවයි, වෛද්‍යවරයා දැනුම් දෙන්නේ.

    Latest News