කෝලිගේ වේගය පැරදූ ජොස් ගේ බොස් භූමිකාව

අප්‍රේ 07, 2024

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19 වන තරගය කඩුලු 6කින්  ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

    ඔවුන් තරග වැදුණේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමගයි. තරගය පැවැත්‍වුණේ, ජායීපූර්හිදී.

    පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 183ක් රැස් කළා. විරාත් කෝලි පන්දු 72 කදී නොදැවී ලකුණු 113යි‍.  ‍ෆා‍ෆ් දූ ප්ලෙසීස් ලකුණු 44ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී යුස්වේන්ද්‍ර චාහල් ලකුණු 34කට කඩුලු දෙකක් බිඳ හෙලුවා.

    අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 189ක් රැස් කරමින් තරගයේ ජය හිමිකර ගත්තා. ජොස් බට්ලර් පන්දු 58 කදී නොදැවී ලකුණු 100යි. සංජු සැම්සන් ලකුණු 69ක් ලබාගත්තා. පන්දු යැවීමේදී රීස් ටොප්ලි ලකුණු 27කට කඩුලු 2ක් බිඳ හෙලුවා. තරගයේ වීරයා  රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ  ජොස් බට්ලර්.

    Latest News