හොලිකොප්ටර් අනතුරෙන් 10 ක් ජීවිතක්ෂයට

අප්‍රේ 23, 2024

    මැලේසියාවේ හොලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන්  10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    එරට රාජකීය නාවුක හමුදාවට අයත් යානා දෙක අනතුරට ලක්ව ඇත්තේ, පුහුණු අභ්‍යාසයකදී.

    මැලේසියාවේ උතුරුදිග ලුමුට් ප්‍රදේශයේදී අනතුර සිදුව තිබෙනවා. හෙලිකොප්ටර් යානා දෙක ගැටීමත් සමග එක් යානයක් මලල ක්‍රීඩා ධාවන පථයකට කඩා වැටී ඇති අතර, අනෙක් යානය කඩා වැටී ඇත්තේ, අසළ පිහිටි පිහිනුම් තටාකයක් වෙතයි.

    ගිනි නිවන භටයින් සහ සහන සේවකයින් එම ස්ථානයට ළඟා වනවිටත්, හෙලිකොප්ටර් දෙකෙහි සිටි සියලුම කාර්ය මණ්ඩලය මිය‍ ගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    යානා දෙක තුළ කාර්ය මණ්ඩල සේවකයින් දස දෙනෙකු සිට ඇති බව, මැලේසියානු රාජකීය නාවික හමුදාව තහවුරු කළා.

    ලබනසතියේ පැවැත්වෙන මැලේසියානු නාවුක දිනය වෙනුවෙන් ගුවන් සංදර්ශනයක් සඳහා මෙම යානා පුහුණුවීම්වල නිරත වෙමින් සිටි බවයි, වාර්තා වන්නේ.

    මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහීම් ‘එක්ස් සමාජ මාධ්‍ය’ ගිණුමෙහි සටහනක් තබමින් මිය ගිය සියලුදෙනාගේ පවුල් වෙත සිය ශෝකය පළ කර තිබෙනවා.

    Latest News