ඔමික්‍රෝන් නිසා ප්‍රංශයට දැඩි නීති

දෙසැ 28, 2021

    කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්ත වීම ඉහළ යාම හේතුවෙන්, ප්‍රංශය දැඩි නීති රීති හඳුන්වා දී තිබේ. යම් තරමකට ලිහිල් කර තිබූ නීති රීති රැසක් යළි පැනවීමට ද ප්‍රංශ රජය පියවර ගනු ලැබීය.

    පසුගිය සෙනසුරාදා ප්‍රංශයෙන් ලක්ෂයකට අධික කොරෝනා ආසාදිතයින් පිරිසක් හමුවීමත් සමග එරට රජය මෙම නව නීති හඳුන්වා දී තිබේ. ඒ අනූව ගෘහස්ථ ශාලාවල පැවැත්වෙන උත්සව සඳහා සහභාගී විය හැකි පිරිස සීමා කිරීම ඇතුළු නීති රැසක් පැනවීමටයි, ප්‍රංශ රජය පියවර ගෙන ඇත්තේ.

    කෙසේ වෙතත්, නව වසර උදාවන අවස්ථාවේ ඇඳිරිනීතිය පනවා නොසිටීමට එරට රජය තීරණය කළ බව අග්‍රාමාත්‍ය ෂෝන් කැස්ටෙක්ස් සඳහන් කරයි.

    අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, කොරෝනා වසංගතය මේ වන විට අවසානයක් නොමැති චිත්‍රපටයක් ලෙස හැගෙන බවයි. නව නීති රීති යටතේ එරට සමාජ ශාලා යළි දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

    එසේම, නිවසේ සිට වැඩ කිරීම ඉහළ නංවන ලෙසත් ප්‍රංශ රජය එරට ජනතාවගෙන් ඉල්ලා සිටියි. ප්‍රංශයේ මේ වන විට දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සාමාන්‍ය අගය 70,000ක සීමාව ඉක්මවා ඇති අතර රෝහල් ගත කිරීම් ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 28 දෙසැම්බර් 2021 10:36

    Latest News