නැවියන්ටත් පොදු සමා කාලයක්

අප්‍රේ 20, 2024

    නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින නාවිකයින් හට සේවයෙන් ඉවත් වීම සඳහා 2024 අප්‍රේල් 20 වැනිදා සිට 2024 මැයි 20 වැනිදා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    මෙම පොදු සමාව 2023 දෙසැම්බර් මස 31 දින හෝ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන ලද නාවිකයින් [සියළුම ශිල්පීය අංශ වලට අයත් නාවිකයින් හට (Artificers) සහ වෘත්තිමය වෛද්‍ය/ වෘත්තිමය දන්ත (Professional Medical/ Professional Dental) අංශයේ නාවිකයින් හැර] ඉහත කාලසීමාව තුල ළඟම ඇති නාවික හමුදා කඳවුර වෙත රපෝර්තු කිරීමෙන් ඔවුන් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීම සඳහා සලකා බලනු ලැබෙනවා.

    ඉහත පොදු සමාව යටතේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර, දැනට විදේශගතව සිටින නාවිකයින් හට [සියළුම ශිල්පීය අංශ වලට අයත් නාවිකයින් (Artificers) සහ වෘත්තිමය වෛද්‍ය/ වෘත්තිමය දන්ත (Professional Medical/ Professional Dental) අංශයේ නාවිකයින් හැර] නැවත රපෝර්තු කිරීමකින් තොරව නීත්‍යානූකූලව සේවයෙන් ඉවත්වීම සඳහා අවස්ථාව හිමිවන බවයි, නාවික හමුදාව පවසන්නේ.

    මෙම පොදු සමා කාලය තුලදී විදේශගතව සිටින නාවිකයින් විසින් සේවයෙන් ඉවත්වීම සඳහා අයදුම් කිරීමේදී This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනය වෙත පහත දක්වා ඇති තොරතුරු ඉදිරිපත් කල යුතු වේ.

    අ. නම, තරාතිරම සහ නිල අංකය
    ආ. සේවය අතහැර ගිය දිනය
    ඇ. විදේශ ගමන් බලපත්‍රයේ ජෛවමිතික පිටුවෙහි පරිලෝකිත පිටපත (Scanned copy of biometrics page of the passport)
    ඈ. විදේශ ගමන් බලපත්‍රයේ වෙනස් කිරීම් පිටුවෙහි සහ නීරීක්‍ෂණ පිටුවෙහි පරිලෝකිත පිටපත් (Scanned copies of alteration and observations page)
    ඉ. විගමන මුද්‍රාවන්හි පරිලෝකිත පිටපත් (Scanned copies of emigration stamps )
    ඊ. පෙර සහ වර්තමාන වීසා බලපත් සහිත පිටුවල පරිලෝකිත පිටපත් (Scanned copies of past and present VISAs)
    උ. දේශීයව සම්බන්ධ කර ගත හැකි නියෝජිතයෙකුගේ විස්තර. (Contact details of locally based representative)

     

    තවද, විදෙස්ගතව සිටියදී නිශ්කාශන සිදු කිරීමට අදාළ උපදෙස් පහත පරිදි වේ.

     

    අ. නොනිමි විනය ක්‍රියාමාර්ග (නිවාඩු නොලබා සේවයට නොපැමිණීම හැර) පවතින නාවිකයන් හට විදෙස්ගතව සිටියදි ඇටෝනරි බලකරුවෙකු මඟින් නිශ්කාශන සිදු කිරිමට නොහැකි අතර, ඔවුන් අනිවාර්යෙන්ම නාවික හමුදාව වෙත රපෝර්තු කර ස්වකීය විනය ක්‍රියාමාර්ගයන්ට අදාල කටයුතු අවසන් කර ගත යුතුය.
    ආ. නාවික හමුදාව සතුව පවත්නා වාර්තා පරික්‍ෂා කිරීමෙන් පසුව නිශ්කාශන කිරීම සඳහා සුදුසුකම් සහිත පුද්ගලයෙකු බවට තහවුරු වූ අයෙකු හට විදෙස් ගතව සිටියදී ඔහු වෙනුවෙන් කටයුතු කිරීම සඳහා නිසි පරිදි ලියාපදිංචි වූ ඇටෝනරී බලපත්‍රයක් මඟින් බලය ලබාදී ඇති අයෙකු හරහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල සමඟින් සම්බන්ධ වී නිශ්කාශනය සිදු කිරීමට අනුමැතිය ලබා දිය හැක.
    ඇ. එහිදී විදෙස් ගතව සිටියදී ඇටෝනරී බලකරුවෙකු පත් කර ගැනීම විෂයයෙහි අදාලවන්නා වූ නෛතික ක්‍රමවේද ප්‍රකාරව සකස්කර, මෙරට රෙජිස්ට්‍රාර් ජෙනරාල් කර්යාලයක් වෙතින් නිසි පරිදි ලියාපදිංචි සිදුව ඇති ඇටෝනරී බලපත්‍රයක් ඉදිරිපත් කල යුතුය.
    ඈ. නිශ්කාශනය සිදු කිරීමට අදාලව නාවිකයා වෙතින් ශ්‍රී ලංකා ජනරජයට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අයවිය යුතු කුමන හෝ ආකාරයේ අයවීමක් වේ නම්, ඇටෝනරී බලකරු වෙතින් ඒවා අයකර ගැනීමට කටයුතු කල යුතුය.
    ඉ. විදෙස් ගතව සිටින නාවිකයාගේ විදෙස් ගමන් බලපත්‍රයේ රක්‍ෂාව සඳහන් තීරයේ නාවික හමුදා සේවා පුද්ගලයෙකු යන්න සඳහන් වන්නේ නම්, තමා නැවත ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාවේදී ස්වකීය විදෙස් ගමන් බලපත්‍රයෙන් එය ඉවත් කර ගන්නා බවට ප්‍රකාශයක් ලබා දීමට කටයුතු කල යුතුය.
    ඊ. ආරක්‍ෂක අමාත්‍යංශයෙන් අනුමැතිය ලබා ගැනීමෙන් පසුව විදෙස් නිවාඩු ලබා, විදෙස් ගතවී නැවත නොපැමිණ සිටියවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී, නාවික හමුදාව සමග ඔවුන් ඇති කරගෙන ඇති බැඳුම්කරය සබැඳිව කටයුතු කල යුතුය.
    උ. නිශ්කාශන සිදු කිරීමට අදාළව ඉදිරිපත් වන ඇටෝනරි බලපත්‍ර සහ අනෙකුත් ලේඛන පිළිබඳ නීතිමය පැහැදිළි කිරීම සහ නීත්‍යානුකූලව පරීක්‍ෂා කිරීමට අවශ්‍ය සෑම විටකම අධ්‍යක්‍ෂ නාවික නීති හා සේවා වෙත යොමු කර අදාළ පැහැදිළි කිරීම ලබා ගැනීමට කටයුතු කල යුතුය.
    තවද, ඉහත තොරතුරු ඒ ඒ ආයතන සමඟ සම්බන්ධීකරණය වී තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් සේවයෙන් ඉවත් කිරීමට සළකා බලන බවයි නාවික හමුදාව දැනුම් දෙන්නේ.

    Latest News