සුදුසුකම් ලැබීමේ තරගයේ ජය මැක්ස් වෙස්ටපන්ට

අප්‍රේ 21, 2024

    ‍‍චීන "එෆ් වන් ගෝන් ප්‍රි මෝටර් රථ තරගාවලියේ"  සුදුසුකම්  ලැබීමේ තරගයෙන් ජය හිමිකර ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩක  ‍මැක්ස් වෙස්ටපන් සමත්වුණා.

    එහි අවසන් තරගය අද පැවැත්වීමට නියමිතයි.

     

    ලොව පුරා දක්ෂතම එෆ් වන් ධාවකයින්ගේ සහභාගීත්වයෙන් චීන එෆ් වන් ගෝන් ප්‍රි ‍මෝටර් රථ  තරගාවලිය පැවැත්වෙනවා. නෙදර්ලන්ත ක්‍රීඩක මැක්ස් වෙස්ටපන් සුදුසුකම් ලැබීමේ තරගය ජයගත්තේ, පැය එකයි, මිනිත්තු 33 යි තත්පර 66 ක කාලයක් වාර්තා කරමින්.

    මෙක්සිකෝ ක්‍රීඩක සර්ජියෝ පෙරස් එහි දෙවැනි ස්ථානය හිමිකර ගත් අතර, තුන්වැන්නා වූයේ ස්පාඤ්ඤ ක්‍රීඩක ෆර්නැන්ඩෝ ඇලන්සෝ. මේ වන විට "එෆ් වන්" ධාවකයින්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව, පෙරමුණේ පසුවන්නේ ද නෙදර්ලන්තයේ  මැක්ස් වෙස්ටපන්.

    Latest News