සා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල එන දිනය මෙන්න

අප්‍රේ 26, 2024
    සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.

    ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භවීමට නියමිතව බවයි.

    "සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඊට පෙර සියලු නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන බවට විභාග කොමසාරිස්තුමා දැනුම්දුන්නා."

    Latest News