ලොව විශාලතම මහ මැතිවරණයට හෝරා කිහිපයයි

අප්‍රේ 18, 2024
    ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය ලෙස සැලකෙන, ඉන්දීය මහමැතිවරණ හෙට පැවැත්වීමට නියමිතයි.

    ලියාපදිංචි ඡන්දදායකයින් මිලියන 970ක් ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. හෙට සිට සිට සති හයක් පුරා අදියර හතක් යටතේ, ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

    ඉන්දීය පාර්ලිමේන්තුව හෙවත්, ලෝක සභාවට මන්ත්රීවරුන් 543 දෙදෙනෙකු තෝරාගැනීම සදහා පැවැත්වෙන මහමැතිවරණයට ජාතික පක්ෂ 6ක්, ප්රාන්ත පක්ෂ 57ක් සහ කුඩා පක්ෂ 2,597ක් ඉදිරිපත්ව සිටින බවයි, එරට ජාතික මැතිවරණ කොමිසම පවසන්නේ.
     
    ඉන්දීය මාධ්ය වාර්තා කරන්නේ, හෙට පැවැත්වීමට නියමිත මැතිවරණයේ පළමුවැනි ආදියරට සියල්ල සුදානම් බවයි.
    ඡන්ද විමසීම පෙරවරු 8.00ට ආරම්භ වී පස්වරු 5.00ට අවසන් වනවා.
     
    එම කාලය අවසන් වූ පසු පෝලිමේ සිටින ඡන්දය ඡන්දදායකයින් සඳහා අමතර පැයක කාලයක් ලබා දීමට එරට මැතිවරණ කොමිසම අවසර දී තිබෙනවා.
    Last modified on බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2024 15:28

    Latest News