ඉරාන ජනපති හෙට උදෑසන දිවයිනට

අප්‍රේ 23, 2024

    පාකිස්ථාන‍යේ තෙදින නිල සංචාරයක නිරත ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි පකිස්ථාන ජනපති අසීෆ් අලි සර්දාරි හමු වුනා.

    වෙළඳාම, කලාපීය ආරක්ෂාව සහ මැද පෙරදිග උද්ගතව ඇති තත්වය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා.

    මෙම සංචාරය නිමවා ජනපතිවරයා හෙට උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

    ඉරාන ඉංජිනේරු තාක්ෂණික දැනුම යටතේ එරට අපනයන සංවර්ධන බැංකුවේ මූලික ණය ආධාර වලින් 2011 වසරේදී ආරම්භ කළ උමා ඔය බහු කාර්ය සංවාර්ධන ව්‍යාපෘතිය හෙට නිල වශයෙන් මෙරට ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

    ජනපතිවරයා මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර ඉන් අනතුරුව ඔහු උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වනු ඇති.

    ඔහු මෙම සංචාරය අතරතුර කොළඹ මුස්ලිම් පල්ලියක පැවැත්වෙන යාච්ඤා මෙහෙයක් සඳහාත් සම්බන්ධ වනවා. පසුව හෙට දිනම යළි ඉරානය බලා පිටවත්ව යනවා.

    Latest News