සුපිරි හඹායෑමක් වාර්තා රැසක්

අප්‍රේ 18, 2024
    ජාත්යන්තර එක්දින කාන්තා ක්රිකට් පිටියේ හොඳම හඹා යෑම වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

    ඒ දකුණු අප්රිකාව සමග පැවති තුන්වෙනි එක් දින ක්රිකට් තරගය කඩුලු හයකින් ජයගනිමින්.

    මේ අතර ජාත්යන්තර කාන්තා එක්දින ක්රිකට් පිටියේ ලකුණු 300ට වැඩි සංඛ්යාවක් හඹා ගොස් ජයගත් පළමු තරඟයද මෙයයි.
     
    දකුණු අපි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්රිකාව පන්දුවාර 50 ඇතුළත කඩුලු 5 දැවී ක්කුණු 301 ක් රැස්කළා.
     
    නායිකා ලවුරා වොල්වර්ට් නොදැවී ලකුණු 184යි.
    පිළිතුරු ලෙස ශ්රී ලංකා ක්රීඩිකාවන් තරගයේ ජයගත්තේ පන්දු වාර 44 යි පන්දු 3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 305 ක් රැස් කරමින්.
     
    විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ නායිකා චමරි අතපත්තු තම එක්දින ක්රිකට් දිවියේ 9 වන ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 195 ක් රැස් කලා.
     
    පන්දු 139 කදී ගොඩනැගුණු චමරිගේ ඉනිමට 4 පහර 26 ක් සහ 6 පහර 5 ක් ඇතුළත්.
     
    නිලක්ශිකා සිල්වා ලකුණු 50 යි. මෙම ජයග්රහණයත් සමග ශ්රී ලංකාව තරගාවලිය තරග එකට එකක් ලෙස සම කිරීමට සමත් වුණා.

    Latest News