ඕමාන් තෙල් නැවේ සිටි ලාංකිකයන් 12ක් බේරා ගැනේ

අප්‍රේ 18, 2024
    ඕමාන් බොක්ක මුහුදු ප්රදේශයේදී අනතුරට ලක් වූ තෙල් නැවක සිටි ශ්රී ලාංකිකයන් 21 දෙනෙකු බේරා ගැනීමට, ඉරාන ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

    ශ්රී ලාංකිකයන් පිරිස නිරුපද්රිතව සිටින බවයි, ඉරාන බලධාරීන් ප්රකාශ කරන්නේ.

    අනතුරට ලක්ව ඇත්තේ, කූක් දූපත්වල ලියාපදිංචි කර තිබූ තෙල් නැවක්. එය අඟහරුවාදා ගල්ෆ් කලාපයට බලපෑ කුණාටු සහිත කාලගුණික තත්වයට හසු වී ගිලී ගියා.
     
    ඒ, ඉරානයේ ජාස් වරායට කිලෝමීටර 50 ක් පමණ දුරින් වූ මුහුදු ප්රදේශයකදී. වහා ක්රියාත්මක වූ ඉරාන සමුද්රීය ජීවිත ආරක්ෂක කණ්ඩායම, නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගෙන තිබෙනවා.
     
    ශ්රී ලාංකිකයන් 21 දෙනා අතරින්, පස් දෙනෙකුට වෛද්ය ප්රතිකාර ලබාදීම අවශ්යව තිබූ බව, ජාස් වරායේ සමුද්රීය අදිකාරියේ ප්රධානියා වන මොහොමඩ් අමානි ඉරාන ප්රවෘත්ති සේවයට ප්රකාශ කොට තිබුණා.
     
    අඟහරුවාදා ඇති වූ කුණාටු තත්වයෙන් ඩුබායි සහ බහරේන් රාජ්යවල ගංවතුර තත්වයක් හට ගත් අතර, ඕමාන් බොක්කේ නාවික කටයුතුවලට ද බාධා එල්ල වුණා.

    Latest News