යුද හමුදා සෙබළෙකු මරුට

අප්‍රේ 26, 2024
    අද (26) අලුයම් කාලයේදී මාන්කුලම ‍පොලිස් වසමේ වසන්තනගර් හංදිය අසලදී මාන්කුලම් දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් යුද හමුදා සෙබළුන් රැගත් කැබ් රථයක ගැටී අනතුරට ලක් වී තිබෙනවා.

    අනතුරත් සමග කැබ් රථයේ පිටුපස ගමන් කළ එක් සෙබළෙකු රථයෙන් විසිවී ගොස් පිටුපසින් පැමිණි ලොරි රථයේ ගැටී සිදුවූ අනතුරෙන් මියගොස් තිබෙනවා.

    තුවාල ලැබූ තවත් සෙබළුන් 09 දෙනෙකු ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.
    මියගොස් ඇත්තේ 39 හැවිරිදි ඇහැටුවැව ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා 07 වන සේවා බළකායට අනුයුක්ත මුරුක්කණ්ඩි කඳවුරේ සැරයන්වරයෙකි.

    Latest News