ඉතාලියේදී යුපුන්ට නූලෙන් මිස් වූ වාර්තාව

අප්‍රේ 14, 2024

    ඉතාලියේ රෝම නගරයේ පැවති ෆෝලෝරන්ස් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 150 ඉසව්ව ජය ගන්නට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වුනා.

    ඔහු ප්‍රථම ස්ථානය හිමි කර ගත්තේ තත්පර 15.19 ක කාලයක් වාර්තා කරමින්.

    තත්පර 15.16 ක් වාරතා කරමින් මෙම ඉසව්වේ ආසියානු වාර්තාවටද හිමි කම් කියන අබේකෝන් හට එම වාර්තාව අලුත් කිරීම තත්පර 0.03 කින් මගහැරී තිබුණා.

    2022 අප්‍රේල් මාසයේ ඉතාලියේ දී ඔහු මීටර් 150 පිරිමි ඉසව්ව තත්පර 15.16කින් නිම කරමින් මෙම ආසියානු වාර්තාව පිහිටවනු ලැබුවා.

    විනයකින් හා නොපසුබට උත්සාහයෙන් යුතුව දැඩි පරිශ්‍රමයකින් ලබා ගත් ජයක් යනුවෙන් ඔහු සිය ෆේස් බුක් ගිණුමේ මෙම ජය හඳුන්වා තිබුණා.

    ආබාධ තත්වයකින් කාලයකට පසු මෙම වසරේ ප්‍රථම වරට මලල ක්‍රීඩා පිටියට පැමිණීම එයට හේතුවයි. එසේ පැමිණ පළමු තරගයේදීම ලබා ගත් මෙම ජයග්‍රහණය ඔහුගේ ක්‍රීඩා දිවිය නැවතත් උද්දීපනයට හේතුවක් වේවි.

    Latest News