නව අමාත්‍යාංශයක් ගැසට් කෙරේ

ජූනි 28, 2022

    තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

    මීට පෙර තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ලෙස අමාත්‍යාංශ දෙක ඒකාබද්ධ කර පැවති අතර කෙසේ නමුත් ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමඟ එම අමාත්‍යංශ දෙක වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වෙයි.

    ඒ අනුව තාක්ෂණ අමාත්‍යාංශය ලෙස වෙනම ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

    gazet1

    gazet2

    gazet3

    Latest News