Ray-Ban හිමිකරු ප්‍රකෝටිපති ලියනාඩෝ අභාවප්‍රාප්ත වෙයි

ජූනි 28, 2022

    ඇස් කණ්ණාඩි නිෂ්පාදනයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන ප්‍රකෝටිපතියෙකු වන ලියනාඩෝ ඩෙල් වීචියෝ (Leonardo del Vecchio) අභාවප්‍රාප්ත වී තිබේ.

    Ray-Ban ඇස්කණ්නාඩි ඇතුළු වෙළඳනාම සමාගමක් රැසක හිමිකරුවන ලියනාඩෝ ඩෙල් වීචියෝ මිය යන විට 87වැනි වියෙහි පසුවිය.

    ඉතාලි ජාතික ලියනාඩෝ, Ray-Ban ඇතුළු වෙළඳ නාම හිමි ඇස් කණ්නාඩි සමාගමක් නිර්මාණය කළ අතර ඉතාලි මූල්‍ය ක්ෂේත්‍රයේ වඩාත්ම බලගතු චරිතයක් වීමට ඔහුට හැකියාව ලැබුනි.

    මිලාන් අනාථ නිවාසයක හැදී වැඩුණු ඩෙල් වීචියෝ, උතුරු නගරයෙන් පිට වී වැනීසියේ ඇල්ප්ස් කඳුකරයේ උතුරු දෙසින් පිහිටි ඇගෝර්ඩෝ නගරයේ වෙළඳසැලක් ආරම්භ කළේය. එය දේශීය ඇස් කණ්ණාඩි නිෂ්පාදකයින්ට රාමු කොටස් සපයන කුඩා සැපයුම්කරුවෙකු ලෙස ආරම්භ විය.

    ඔහුගේ EssilorLuxottica සමාගම, අවසානයේ කර්මාන්තයේ ලෝක ප්‍රමුඛයා බවට පත්වීම සඳහා අත්පත් කර ගැනීම් මාලාවක් සිදු කළේය. ලොව පුරා පිළිගත් නම් Ray-Ban සහ Oakley ඔහුගේ ඉහළට යන ගමනේදී ඩෙල් වීචියෝ මිලදී ගත් ඇස් කණ්ණාඩි සන්නාමයන් අතර විය. EssilorLuxottica යනු ලොව ඉහළම ඇස් කණ්ණාඩි සිල්ලර වෙළෙන්දාය.

    ෆෝබ්ස් සඟරාවට අනුව, 2021 වසර අවසානයේ, ඔහු ඉතාලියේ දෙවන ධනවත්ම පුද්ගලයා වූ අතර, නූටෙල්ලා නිෂ්පාදන කණ්ඩායමේ ජියෝවානි ෆෙරේරෝට පමණක් පිටුපසින් සිටියේය.

    එසේම Bloomberg Billionaires දර්ශකයට අනුව, ඩෙල් වීචියෝගේ ශුද්ධ ආදායම ජුනි 01 වැනිදා වන විට ඩොලර් බිලියන 25.7 ක්.

    Latest News