සමාගම් කිහිපයක් සමග ගිවිසුම්ගතව ඉන්ධන ලබාගැනීමට අනුමැතිය

ජූනි 28, 2022

    ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල්හි ස්ථාපිත සමාගම් සමග ඇතිකරගනු ලබන දිගුකාලීන ගිවිසුම් මත ඉන්ධන ලබා ගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    මෙරට විදේශ විනිමය ගැටලුවට පීඩනයක් ඇති නොවන ආකාරයෙන් එම සමාගම්වල අරමුදල් උපයෝගී කර ගනිමින් ඉන්ධන ආනයනය කර අලෙවි කිරීම සඳහා එකී සමාගම්වලට අවස්ථාව සළසා දීම යෝග්‍ය බව පෙනී ගොස් තිබේ.

    ඒ අනූව, විධිමත් ක්‍රමවේද අනුගමනය කරමින් තෝරාගනු ලබන තෙල් සමාගම් සඳහා දිගුකාලීනව ගිවිසුම්ගතවී ශ්‍රී ලංකාව සඳහා ඉන්ධන ආනයනය බෙදාහැරීම හා අලෙවි කිරීිමට එම සමාගම් වෙත මෙමගින් අවස්ථාව උදාවෙයි. 

    රටේ සමස්ත ඉන්ධන සැපයුමෙන් 90%කට පමණ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දායකත්වය දරණ අතර ඉතිරි 10% ඉන්දියානු තෙල් සමාගම විසින් දරනු ලබයි. 

    Latest News