රාජ්‍ය අමාත්‍යාංශ 4ක විෂයපථ ගැසට් කෙරේ

ඔක් 15, 2022

    ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා සිය රාජ්‍ය අමාත්‍යවරුන් වෙත අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වි‍ෂයන් හා කාර්යන් පවරා තිබෙනවා. ඒ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින්.

    තැපැල් දෙපාර්තමේන්තුව, රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ බලතල පවරා ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාටයි.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, සීමා සහිත ලක්දිව ඉංජිනේරු සමාගම සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ය‍ටතේ පවතියි.

    මේ අතර මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති පාලිත සමාගම් හා ආශ්‍රිත සමාගම් සහ සහස්යා ඉන්වෙස්මට් ලිමිටඩ්  පාලනය වන්නේ, ඒ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා යටතේයි.

    රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරේයි චන්ද්‍රකාන්තන් මහතාට මග නැගුම අංශ සහ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ බලතල පවරා තිබෙනවා. මෙම බලතල පැවරීම ඊයේ දින සිට ක්‍රියාත්මකයි.    

    Latest News