තීරණාත්මක 20-20 තරඟය අදයි

පෙබ 15, 2022

    ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තීරණාත්මක 03න් වන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟය අද පැවැත්වෙයි.

    තරඟය අද පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි ඕවල් ක්‍රීඩාංගනයේදීයි.

    එම ක්‍රීඩාංගනයේ මේ දක්වා ජාත්‍යන්තර පන්දුවාර විස්සයි 20 තරඟ පවත්වා ඇත්තේ දෙකක් පමණයි.

    පළමු තරඟ දෙක ඕස්ට්‍රේලියාව ජය ගැනීම හේතුවෙන්,තරඟාවලියේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකා පිළ අද තරඟය ජය ගැනීම අනිවාර්යයි.

    අද පැවැත්වෙන තරඟයේදී කණ්ඩායම් දෙකේම වෙනස්කමක් සිදුවනු ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ශ්‍රී ලංකා පිළට ධනුෂ්ක ගුණතිලක වෙනුවට කුසල් මෙන්ඩිස් ද ඕස්ට්‍රේලියානු පිළට ස්ටිව් ස්මිත් වෙනුවට මොයිස් හෙන්ඩ්‍රිකස් ද කැඳවනු ඇති.

    Latest News