ආරාධිත 20-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව රෙඩ්ස් කණ්ඩායමට

අගෝ 16, 2022

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ, ආරාධිත 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ රෙඩ්ස් කණ්ඩායම සමත් වුණා.

    ඒ අවසන් තරගයේ දී ධනංජය ද සිල්වා නායකත්වය ලබා දුන් බ්ලූස් කණ්ඩායම පරායජය කරමින්.

    අවසන් තරගය ඊයේ පැවැත්වුණේ, කොළඹ - ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. කාසියේ වාසිය ජයගත්, රෙඩ්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බ්ලූස් කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව, ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 136 ක්. අ‍ශේන් බණ්ඩාර නොදැවී ලකුණු 40 යි. ලහිරු උදාර ලකුණු 37 ක් රැස් කළා. පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක බැගින් දවා ගත්තා. පිළිතුරු ලෙස රෙඩ්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 16 පන්දු 5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 137 ක් රැස් කරමින්. දක්ෂ පිති හරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස්, පන්දු 45 කදී නොදැවී ලකුණු 56 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහරක් ඇතුළත්. ලසිත් කෲස්පුල්ලේ පන්දු 15 ක දී ලකුණු 25 යි. වනිඳු හසරංග පන්දු 14 කදී‍ නොදැවී ලකුණු 24 ක් රැස් කළා.‍ ඒ අනුව රෙඩ්ස් කණ්ඩායම තරගය ජයගත්තේ කඩුලු 7 කින්. තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්. තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස ප්‍රවීන් ජයවික්‍රම සම්මාන දිනු අතර, තරගාවලියේ වීරයා අසිත ප්‍රනාන්දු.

    Latest News