ඉම්රාන් තාහීර්ගේ සුපිරි පන්දුවාරයෙන් ශ්‍රි ලංකාවට පරාජය

මාර් 20, 2019

    ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම සුපිරි පන්වාදු වාරයේදි ජයහිමි කර ගනි.

    තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදිමේ අවස්ථාව ශ්‍රි ලංකාවට ලබාදුන් අතර ශ්‍රි ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවි ලකුණු 134ක් රැස් කළේය. ශ්‍රි ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් ලකුණු 41 රැස්කර ගත්තේය. අකිල ධනංජය සහ ඉසුරු උදාන එක්ව අවසන් පාන්දුවරා දෙකේදි ලකුණු 20 ආසන්න ප්‍රමාණයක් රැස් කළේය.

    එ අනුව ලකුණු 134 ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව නියමිත පාන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවි ලකුණු 134ක් රැස් කිරිම නිසා දෙපිලේම ලකුණු සමවුයේය. දෙපිලේම ලකුණු (134) සමවීම හේතුවෙන් ලසිත් මාලිංග විසින් යවන ලද සුපිරි ඕවරයේදී ඬේවිඞ් මිලර් (13) සහ රාසි වැන්ඩසන් (1) එක්ව ලකුණු 14 ක් ලබාගත්හ.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට පිවිසි තිසර පෙරේරා (02) සහ අවිශ්ක ප්‍රනාන්දුට (01) ඉම්රාන් තහීර් විසින් යවන ලද සුපිරි ඕවරයේදී ලබාගත හැකිවූයේ ලකුණු 03 ක් පමණි. අනෙක් ලකුණ වයිඞ් පන්දුවකින් ලැබිණ.

    දකුණු අප්‍රිකාව මෙම ජයත් සමග 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගත්තේය. දෙවන තරගය 22 වැනිදා පැවැත්වේ.

    Latest News