ලක්මවට කිරුළු පැළඳ වූ ශූරයින් දිවයිනට

අප්‍රේ 29, 2024
    21 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්රීඩා තරඟාවලයේ දී පදක්කම් රැසක් දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම අද (29) අළුයම දිවයිනට පැමිණියා.

    එක්සත් අරාබි එමීර් රාජ්යයේ, ඩුබායිහි පැවති එම තරඟාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට සමත් වුණා.

    තරඟාවලිය සදහා සහභාගිවූ ශ්රී ලංකා කණ්ඩායමට ක්රීඩක ක්රීඩිකාවන් 17 දෙනෙකු ඇතුළත් වූ අතර ඔවුන්ගෙන් 13 දෙනෙකුටම පදක්කම් දිනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
     
    මෙම ආසියානු කනිෂ්ඨ මළළ ක්රීඩා තරගාවලියට වයස අවුරුදු 20න් පහළ රටවල් 34ක ක්රීඩක ක්රීඩිකාවන් පිරිසක් සහභාගිවී සිටි අතර එහිදී ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවන් තුන් පිම්ම ගැහැණු සහ මීටර් 100 හතර පිරිමි සහාය දිවීම ඉසව්වෙන් වාර්තාවක් තබමින් රිදී පදක්කම් 02ක් දිනා ගැනීමට සමත් වීමද විශේෂත්වයක්.
     
    මීටර් 400 හතර සහාය දිවීම පිරිමි, ගැහැණු සහ මිශ්ර යන ධාවන ඉසව්වලින් ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
    Last modified on සදුදා, 29 අප්‍රේල් 2024 09:45

    Latest News