යුක්‍රේන අර්බුදය ගැන තවදුරටත් සාකච්ජා

පෙබ 15, 2022

    යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා පැවැත්වීමට සූදානම් බව,රුසියාව පවසයි. බටහිර රටවල් විසින් දෙරට අතර අර්බුදයක් ඇති කිරීමට මානබලන බවයි, රුසියාව පවසන්නේ.

    යුක්‍රේනය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට බටහිර රටවලට තවමත් අවස්ථාව තිබෙන බව රුසියාව පවසයි.

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ විදේශ අමාත්‍ය සර්ගේ ලාව්රොෆ් අතර සාකච්ජාවක් ඊයේ පැවැත්විණ.
    එහිදී විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ මේ වන තෙක් බටහිර රටවල් සමග පැවති සාකච්ජාවලින් ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි.

    යුක්‍රේනය, නේටෝ සංවිධානයට ඇඳා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රුසියාව සහ බටහිර රටවල් අතර මතභේදයක් හට ගෙන තිබේ.

    නමුත් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට කිසිඳු සූදානමක් නොමැති බව රුසියාව අවධාරණය කර සිටියි.

    Latest News