හදිසි වැටලීමකදී පලස්තීනුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට

සැප් 20, 2023

    ඊශ්‍රායල හමුදාව ඊයේ බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරේ කල වැටලීමකදී පලස්තීනුවන් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    පලස්තීන බලධාරීන් ඒ බව තහවුරු කර තිබෙනවා. මියගිය පුද්ගලයින්ගේ නම් හෙළි කර නැහැ. ජෙනින් සරණාගත කඳවුරේ පලස්තීන කැරලි කරුවන් ඉල්ලකකර ඩ්‍රෝන් ප්‍රහාරයක් ද එල්ල කළ බව ඊශ්‍රායල බලධාරීන් මාධ්‍යට පවසා තිබෙනවා. මේ අතර ඊයේ ඊශ්‍රායල හමුදාව කළ තවත් වෙඩි තැබීමකින් 25 හැවිරිදි පලස්තීන තරුණයෙකු මියගොස් තිබෙනවා. ඒ ගාසා තීරයේ ඊශ්‍රායල සහ පලස්තීන දේශසීමාව අසල දී. ඊශ්‍රායල හමුදාව පවසන්නේ, පලස්තීන කැරලිකරුවන් ගාසා තීරණයේ දේශසීමාව අසල පිපිරීම් කිහිපයක් කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර බවයි.

    Latest News