ලෝක සංචාරක දිනය අදයි

සැප් 27, 2023
    ලොව පුරා සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීම සඳහා සෑම වසරකම සැප්තැම්බර් 27 වන දින ලෝක සංචාරක දිනය සමරනු ලබයි.
    එය UN World Tourism Organisation (UNWTO) විසින් ස්ථාපිත කරන ලද්දේ සංස්කෘතීන් සම්බන්ධ කිරීමට සංචාරක අංශයේ ඇති හැකියාව සැමරීම සඳහාය.
    1979 දී UNWTO විසින් ලෝක සංචාරක දිනය ප්රකාශයට පත් කරන ලදී. එහෙත්, නිල වශයෙන් එය 1980 සිට සමරනු ලැබීය.
    මෙම දිනයේ, රටවල් සහ විවිධ සංවිධාන සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කරන අතර සංචාරය පිළිබඳව උනන්දුවක් දක්වන්නන් ඉතිහාසය, උරුමයන්, සංස්කෘතීන්, ස්ථාන සහ වික්රමාන්විතයන් පිළිබඳව ගවේෂණයන් යාවත්කාලීන කරගනිති.
    UNWTO ට අනුව, 2023 ලෝක සංචාරක දිනයේ තේමාව "සංචාරක සහ හරිත ආයෝජන" යන්නයි. 2030 වන විට වඩා හොඳ ලෝකයක් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මාර්ග සිතියම වන තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වැඩි සහ වඩා හොඳ ඉලක්ක ගත ආයෝජනවල අවශ්යතාවය මෙහිදී ඉස්මතු කරයි.
    ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථික අංශයක් ලෙස සංචාරක ක්ශේත්රයේ විවිධාංගීකරණයන් රැසක් සිදු වී ඇත . එමෙන්ම කොවිඩ් අර්බුධයෙන් පසු ලොව මුහුණ දුන් ආර්ථික පසුබෑමෙන් පසු නැවත හිස එසවීමට දරණ උත්සාහයේදී සංචාරකයින් සඳහා නව ගමනාන්තයන් රැසක්ද විවෘත්ත වී ඇත.
    මෙම ගතිකතාවයන් සංචාරක ව්යාපාරය වර්ථමාන සමාජ ආර්ථික ප්රගමනයේ ප්රධාන ධාවකයෙකු බවට පත් කළේය. සංචාරක ව්යාපාරය ජාත්යන්තර වාණිජ්යයේද ප්රධාන ක්රීඩකයෙකු බවට පත්ව ඇති අතර ඒ සමඟම බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල ප්රධාන ආදායම් මාර්ගයක් ද වේ.
    සැප්තැම්බර් මාසයේ අග භාගය ලෝක සංචාරක දිනය සඳහා සුදුසු යැයි UNWTO විශ්වාස කරන්නේ එය උතුරු අර්ධගෝලයේ සංචාරක සමයේ අවසානයත් දකුණු අර්ධගෝලයේ සංචාරක සමයේ ආරම්භ වීමත් එකිනෙක යා කරන පාලමක් බඳු කාලයක් බැවිනි.

    Latest News