ජපානයෙන් ලංකාව ඇගයීමට

සැප් 20, 2023

    ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ විශිෂ්ට දායකත්වය අගයමින් ජපාන තානාපති කාර්යාලය, එරට ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමයේ හිටපු සභාපති සුනිල් ගාමිණී විජේසිංහ මහතාට “Order of the Rising Sun” සම්මානය පිරිනමා තිබෙනවා.

    "The Order of the Rising Sun" සම්මානය ජපානය සමඟ මිත්‍ර සබඳතා වැඩි දියුණු කිරීමේ විශිෂ්ට දායකත්වයක් ලබා දුන් විදේශීය ජාතිකයින් අගැයීම සඳහා ජපාන අධිරාජයා විසින් පිරිනමනු ලබන සම්මානයක් වනවා. එය සෑම වසරකම අධිරාජ්‍යයා වෙනුවෙන් විදේශීයන්හි සිටින ජපාන තානාපතිවරුන් විසින් සම්මාන ලාභීන් වෙත පිරිනමනු ලබනවා. මෙවර එම සම්මානය සදහා මෙරට විද්වතුන් දෙදෙනෙකු නිර්දේශ වී තිබෙනවා. සුනිල් ගාමිණි විජේසිංහ මහතා ඉන් අයෙකු වනවා. ඊයේ මෙරට ජපාන තානාපති නිලනිවසේදී පැවති උත්සවයකදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසකොශි හිඩයකි මහතා ඔහුට එම සම්මානය ප්‍රදානය කළා. ගාමිණී මහතා ජපානයේ භාවිත කෙරෙන කළමනාකරණ පද්ධතිය, එනම් "5S" සංකල්පය මෙරට ව්‍යාපාරික ක්‍ෂේත්‍රය සදහා යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීමට පුරෝගාමී වූ අයෙක්. විජේසිංහ මහතා ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමට දායක වී තිබෙනවා.

    Latest News