දවස් හයට බෝම්බ 6000ක්

ඔක් 13, 2023
    ගතවු දින 6 තුළ ඊශ්රායලය ගාසා තීරය වෙත කිලෝග්රෑම් 4,000ක පමණ පුපුරණ ද්රව්ය සහිත බෝම්බ 6,000ක් එල්ල කර තිබෙනවා.

    එම ප්රහාරවලින් නිවාස 12,600ක් විනාශවී ඇති බව වාර්තා වනවා.

    පලස්තීන වැසියන් 1,400 දෙනෙකු ඉන් ඝාතනය කර තිබේ.
     
    ළමුන් 447 දෙනෙකු, කාන්තාවන් 248 දෙනෙකු, සෞඛ්ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් මියගිය අය අතර වන බව පලස්තීන බලධාරීන් පවසයි.
     
    ඊශ්රායලය විසින් පලස්තීනය වෙත ජලය, ආහාර, ඖෂධ සහ ඉන්ධන ලබාදීම අවහිර කිරිම හේතුවෙන් පලස්තීන වැසියන් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවද වාර්තා වනවා.
     
    රෝහල්වලට ද විදුලිය නොමැති වීම හේතුවෙන් තුවාල කරුවන් මියයාමේ අවදානමක් පවතින බව සෞඛ්ය අංශ පවසයි.
    හමාස් සංවිධානය ඊශ්රායලය වෙත එල්ල කළ ප්රහාරයට පළිගැනීමක් වශයෙන් ඊශ්රායල හමුදා ගාසා තීරයේ සිවිල් ඉලක්ක වෙත ප්රහාර එල්ල කරන අතර එය ජාත්යන්තර යුධ නීතිය උල්ලංගණය කිරීමකි.
     
    එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඊට එරෙහිව කිසිදු ක්රියාමාර්ගයක් ගැනීමට මේ දක්වා සමත් වී නොමැත.

    Latest News