ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහලට ප්‍රහාර දියත් කළ බවට එල්ල වන සියලු චෝදනා ඊශ්‍රායල හමුදාව ප්‍රතික්ෂේප කරනවා.

යුද ටැංකි යොදා ගනිමින් උතුරු ගාසා තීරයේ සීමිත ‍ගොඩබිම් මෙහෙයුමක් සිදු කළ බව, ඊශ්‍රායල හමුදාව පවසනවා.

උතුරු ඊශ්‍රායලයේ ලෙබනනයට සහ සිරියාවට ආසන්නව ඇති නගරවලට ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ලබාදී ඇති ආරක්ෂක උපදෙස් නිසිපරිදි අනුගමනය කළයුතු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.
ගතවු දින 6 තුළ ඊශ්රායලය ගාසා තීරය වෙත කිලෝග්රෑම් 4,000ක පමණ පුපුරණ ද්රව්ය සහිත බෝම්බ 6,000ක් එල්ල කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව ඊයේ බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරේ කල වැටලීමකදී පලස්තීනුවන් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Latest News