මානුෂීය ආධාරයට වෙඩි ප්‍රහාර

මාර් 20, 2024
    ඊශ්රායල ගුවන් ප්රහාරයකින් ගාසා නගරයේ 23 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඔවුන් එම නගරයේ කුවේට් වටරවුම ආශ්රිතව මානුෂිය ආධාර බෙදාහැරීමේ කාර්යෙහි යෙදී සිටි අය බවයි, වාර්තා වන්නේ.

    එම ප්රහාරයට එල්ල වී ඇත්තේ, ආධාර බෙදාහැරීමේ නිරත පලස්තීනුවන් කණ්ඩායමකටයි.

    ප්රහාරය එල්ල වන විට ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මෙන්ම, වෙනත් ආයතන වලින් ලැබුණු මානුෂීය ආධාර ක්රමානුකුලව බෙදාහැරීමේ කටයුතුවල යෙදී සිටියා.
     
    මේ අතර, මධ්යම ගාසා තීරයේ අල් නුසෙයිරැට් සරණාගත කඳවුරේ ගොඩනැගිල්ලක් ඉලක්ක කර එල්ල කෙරුණු ඊශ්රායල ගුවන් ප්රහාරයකින් 15 දෙනෙකු මිය ගොස් ඇතැයි, පලස්තීන බලධාරීන් පවසනවා.
     
    ප්රහාරයෙන් එම තෙමහල් ගොඩනැගිල්ල මුළුමණින්ම විනාශ වී ඇති අතර, සුන්බුන් යට සිරවී සිටින අය මුදාගැනීමේ මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

    Latest News