මහ බැංකුව කොල්ලකන්න උත්සාහයක්

මාර් 20, 2024

    හයිටි රාජ්‍යයේ මහ බැංකුව කොල්ලකෑමට උත්සහ දැරූ සන්නද්ධ කල්ලියක් සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

    සන්නද්ධ කල්ලි සාමාජිකයින් තිදෙනෙකු මිය ගිය බවයි වාර්තා වන්නේ. 

    බැංකුවේ ආරක්ෂක අංශ ක්‍ෂණිකව ක්‍රියාත්මක වීම නිසා කොල්ලකෑමේ උත්සාහය මැඩපැවැත්වීමට හැකිව තිබෙනවා.

    හයිටි මහ බැංකුව එරට අගනුවර වන පොර්ට්-ඕ-ප්‍රින්ස් හි ක්‍රියාත්මක වන ප්‍රධාන ආයතන කිහිපයෙන් එකක්.

    එරට බොහෝ ආයතන දේශපාල අස්ථාවරභාවය නිසා අක්‍රමවත්ව පවතිනවා.      

    Latest News