සන්නද්ධ කල්ලි මහ බැංකුව කොල්ලකයි

මාර් 20, 2024

    හයිටි රාජ්‍යයේ මහ බැංකුව කොල්ලකෑමට උත්සහ දැරූ සන්නද්ධ කණ්ඩායමක් සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

    එහිදී සන්නද්ධ කල්ලි සාමාජිකයින් තිදෙනෙකු මිය ගිය බවයි වාර්තා වන්නේ. 

    බැංකුවේ ආරක්ෂක අංශ ක්‍ෂණිකව ක්‍රියාත්මක වීම නිසා කොල්ලකෑමේ උත්සාහය මැඩපැවැත්වීමට හැකිව තිබෙනවා.

    වෙඩි හුවමාරුවේදී බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලැබුවා. බැංකු සේවකයින් විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ සන්නද්ධ කල්ලි සාමාජිකයින් මහ බැංකුවට කඩා පැන එය කොල්ලකෑමේ උත්සාහයක නිරත වූ බවයි.

    සමාජය මාධ්‍යයේ සටහනක් තබමින් හයිටි මහ බැංකුවේ ප්‍රකාශකයකු සඳහන් කළේ,  ආරක්ෂක අංශවල දක්ෂතාව සහ කැපවීම නිසා එම කොල්ලය වළකා ගැනීමට හැකි වූ බවයි.

    හයිටි මහ බැංකුව එරට අගනුවර වන පොර්ට්-ඕ-ප්‍රින්ස් හි ක්‍රියාත්මක වන ප්‍රධාන ආයතන කිහිපයෙන් එකක්. එරට බොහෝ ආයතන දේශපාල අස්ථාවරභාවය නිසා අක්‍රමවත්ව පවතිනවා.     

    Latest News