චීනය හා නවසීලන්තය, නිදහස් වෙ‍ළඳ ගිවිසුම පුළුල් කිරීමට සැරසෙයි

ජන 27, 2021

    චීනය හා නවසීලන්තය, නිදහස් වෙ‍ළඳ ගිවිසුම පුළුල් කිරීම පිළිබඳ මූල ලේඛනයට අත්සන් තබයි.

    දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුම වසර 12කට පෙර අත්සන් තබා තිබේ.

    එමගින් දෙරටේ ජනතාවට ප්‍රයෝජන රැසක් ලැබුණු බව චීනය කියයි.

    බහුපාර්ශ්වවාදය හා නිදහස් වෙළඳාමට අනුබල දීමේ අධිෂ්ඨානය දැක්වීම සඳහා චීනය සහ නවසීලන්තය ගත් ප්‍රායෝගික පියවරක් ලෙස මෙම ගිවිසුම පුළුල් කෙරෙන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා පවසයි.

    ගිවිසුම පුළුල් කිරීමේදී භාණ්ඩ වෙළඳාමට හා සේවා වෙළඳාමට අදාළ බොහෝ කේෂ්ත්‍ර කෙරෙහි අවධානය යොමුවී තිබේ.

    කලාපීය අංග සම්පූර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමේ (RCEP) රාමුව තුළ චීනය සහ නවසීලන්තය අතර නිදහස් වෙළඳාමේ ඵලදායිතාව ‍මෙමගින් පිළිබිඹුවී තිබේ.

    වසංගත තත්ත්වය මධ්‍යයේ දෙරටේ ආර්ථික පුනර්ජීවනය හා සංවර්ධනය ඉන් ප්‍රතිවර්ධනය විය හැකි යැයි විශ්වාස කරන බව ද චාඕ ලීජියන් මහතා ප්‍රකාශ කළේය.

     

    සටහන -

    මෝතිලාල් හිස්සැල්ල - චීනයේ බෙයිජිං නුවර සිට

    Latest News