කොරෝනා පාලනය නොකළ නිසා ඉතාලි අගමැති ඉවත් වීමට සැරසේ

ජන 26, 2021

    කොරෝනා වෛරසය නිසි ආකාරයෙන් පාලනය නොකළ බවට එල්ල වන චෝදනා නිසා ඉතාලි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

    ඔහුගේ ඉල්ලා අස්වීම අද භාරදීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉතාලි අග්‍රාමාත්‍රා ගුසෙයිපේ කොන්ටේ මහතා බලයට පත්වුණේ 2018 වසරේ දී. ඉතාලියේ කොරෝනා වෛරස් පාලනය නිසි පරිදි සිදු නොකළ බවට ඔහුට දැඩි චෝදනා එල්ල වුණා. කොරොනා වෛරසය හේතුවෙන් ඉතාලිය 85,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 24 කට අධිකයි

    Latest News