මාස දෙකකට පසු නවසීලන්තයෙන් යළිත් කොවිඩ් ආසාදිත කාන්තාවක්

ජන 27, 2021

    කොවිඩ් - 19 රෝගය සාර්ථක ලෙස පාලනය කළ නවසීලන්තයෙන් මාස දෙකකට වැඩි කාලයකට පසු ප්‍රථම රෝගියා වාර්තා වී ඇත.

    එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කර ඇත්තේ මෑතකදී යුරෝපයේ සිට ආපසු පැමිණි 56 හැවිරිදි කාන්තාවක් මෙලෙස හඳුනාගෙන ඇති බවයි.

    දකුණු අප්‍රිකාවේ ව්‍යාප්තවන නව කොරෝනා වෛරසය ඇයට ආසාදනයවී ඇතැයි, මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඇයගේ සම්බන්ධතා සොයා ගැනීම සඳහා මේ වනවිට බලධාරීන් කටයුතු කරමින් සිටින අතර, එම කාන්තාව නැරඹූ ස්ථාන ලැයිස්තුවක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

    කොවිඩ් වසංගතයට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් නවසීලන්තය පුළුල් ලෙස පැසසුමට ලක්විය.

    මිලියන පහක ජනගහනයක් සිටින නවසීලන්තයේ වසංගතය තුළ තහවුරු වූ ආසාදිතයින් ගණන 1,927 ක් වූ අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 25 ක් පමණි.

    Last modified on බදාදා, 27 ජනවාරි 2021 11:03

    Latest News