LPL වෙන්දේසියේ රඳවා ගන්න ක්‍රීඩක ලැයිස්තුව නිකුත් වෙයි

ජූලි 06, 2022

    එළැඹෙන 2022 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම සිය කණ්ඩායම් තුළ රඳවා ගන්නට ක්‍රීඩක ලැයිස්තුව නිකුත් කර තිබේ.

    කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියද අන්තර්ජාල සංවාද මාධ්‍ය භාවිතයෙන් සිදු කිරීමට නියමිතව පවතී. මෙවර ක්‍රීඩක තෝරා ගැනීම සඳහා දෙස් වි‌දෙස් ක්‍රීඩකයන් 353 දෙනකු සුදුසුකම් සපුරා සිටී. ඉන් 173 දෙනකු දේශීය ක්‍රීඩකයන් වන අතර 180 දෙනකු විදෙස් ක්‍රීඩකයන් වේ.

    මෙවර ක්‍රීඩක තෝරා ගැනීමේ නව ක්‍රමවේදයකින් සිදු කිරීමට නියමිතය. එම ක්‍රමවේදයට අනුව ‘රූබි’, සපයර්, ඩයමන්ඩ් ‘ඒ’, ඩයමන්ඩ් ‘බී’ සහ ප්ලැටිනම් යන කාණ්ඩවලට අමතරව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 23 ට අඩු ක්‍රීඩකයන් දෙදෙනකු බැගින් කණ්ඩායමට එක් කර ගැනීම සඳහා ගෝල්ඩ් වටයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ. සමස්ත කණ්ඩායම ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත වන අතර ඉන් 14 ක් දේශීය සහ 6 ක් විදේශීය වශයෙන් සිටිය යුතුය.

    53c3239bf042513d9f238efac86cf07c

    Latest News