කොවිඩ් නිසා ප්‍රවීන්ට ටෙස්ට් තරඟයක් අහිමිවෙයි

ජූලි 05, 2022

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට කොරෝනා ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    ඒ අනූව ප්‍රවීන් ජයවික්‍රම දින 05ක් සඳහා ස්වයං නිරෝධායනයට යොමුකොට තිබේ.

    ඔස්ට්‍රේලියානු සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රිකට් ක්‍රීඩකයින්ට කොරෝනා වෛරසය අසාදනය වී නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

    ඒ අනූව එළඹෙන 8 වැනිදා ගාල්ලේ දී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ප්‍රවීන්ට අහිමි වනු ඇති.

    Last modified on අඟහරුවාදා, 05 ජූලි 2022 10:31

    Latest News