ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් තිදෙනෙකුට කොරෝනා

ජූලි 07, 2022

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.



    මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ සහ අසිත ප්‍රනාන්දුට බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

    මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස් සහ ප්‍රවීන් ජයවික්‍රමට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණි.

    කෙසේ වුවද හෙට ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ට ක්‍රීඩා කිරීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය.

    Latest News