සහරාන් සමඟ සබඳතා පැවැත්වූ තවත් අයෙක් දැලේ

මැයි 21, 2019

    සහරාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ සැකකරුවෙකු අද (21) ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට බාරදී තිබේ.

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අප්‍රේල් 27 අලුත්ගම පොලිස් නිලධාරීන් දර්ගා නගරයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු මොහොමඩ් බසීර් මොහොමඩ් ෆස්හාන් වන අතර රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන ලදි.

    විමර්ශනවලදී මොහු මොහොමඩ් සහරාන් නමැති මරාගෙන මැරුණු බෝම්බකරු සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය විය. ඒ අනුව වැඩිදුර විමර්ශන සඳහා මොහුව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාරයට ගන්නා ලදි.

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 19:49

    Latest News