මයන්ත: රිෂාඩ් නිවැරදි බව විශ්වාසයි.......වැරදි නම් ආණ්ඩුවෙන් යාමට සූදානම් (විඩියෝ)

මැයි 21, 2019

    අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට අදාළ කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු කමිටුවක් පත්කිරීමට තිරණය කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි. 

    එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. මේ සතියේ ගෙනත් තිබෙන පනත් ගැන කථා පෙන්වාදුන් මයන්ති දිසානායක මහතා කථිකයන්ගේ ලැයිස්තුවත් අද දින සාකච්ඡා වු බවත් පැවසීය.

    මයන්ත දිසානායක “ස්ථාවරය බොහෝම පැහැදිලී, රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවේ දී පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කර ඒ ගැන ඉතා පැහැදිලි විමර්ශනයක් පැවැත් වෙනවා. අද උනත් බදියුදීන් මහතා වරදක් කර ඇත්නම් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමට සුදානම් යැයි ඔහු කියා සිටියේය. එ අනුව එවැන්නක් සිදුව ඇතැයි විශ්වාස නොකරන බවත් කමිටුව ආණ්ඩුවක් ලෙස පත්කර ගැනීමට සාකච්ඡා වු බවත් ඔහු පැවසීය.

    Latest News