අපි වෙනස් වෙන්න ලැස්තියි - අමාත්‍ය කබීර් හෂිම්

මැයි 17, 2019

    ශ්‍රි ලාංකීය මුස්ලිම් දේශපාලඥයෙක් ලෙසින් කුරුණෑගල සහ ගම්පහ ඇති වු සිද්ධිය මෙන්ම ඊටත් වඩා අප්‍රේල් 21 වැනි දින සිදු වු පාස්කු ප්‍රහාරය පිළිබඳව තමා ඇතුළු මුස්ලිම් ජනතාව මහත් වේදනාවට පත්ව ඇති බව, ශ්‍රි ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍ය කබීර් හෂිම් මහතා පැවසිය.

    එසේ වුවද එය සමාජය තේරුම් නොගත් බවත්, වැඩි වශයෙන් අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් නිසා පීඩාවට පත් වුයේ මුස්ලිම් ජනතාව බවත්, හැම ජාතියකම, ආගමකම අන්තවාදීන්, ත්‍රස්තවාදීන්, ජාතිවාදීන් සිටින බවත්, එසේ වුවද බහුතරය එසේ නොවන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

    සුළුතරයකගේ ධර්මය අපේ ධර්මය නොවේ.

    අපේ උලමා සංගමය ත්‍රස්තවාදීන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

    අපේ රටට නොගැළපෙන සංස්කෘතීන් අයින් කරගන්න අපි ලැස්තියි.

    අපි වෙනස් වෙන්න ලැස්තියි.

    අපි මෙතෙක් කල් මේ කතා කළේ නැ.

    ඒත් දැන් අපි මේ සම්බන්ධයෙන් පෙනී ඉන්නවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    Latest News