පුරාවස්තු සෙවූ 4ක් පොලිස් දැලේ

මැයි 17, 2019

    මොණරාගල, මරගල කන්ද රක්ෂිතයේදී පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු කැණීම් සඳහා යොදාගත් උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් වයස අවුරුදු 43 හා 50 වයස්වල පසුවන මොණරාගල හා කොටියාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරියන් අවුරුදු 30 හා 43 යන වයස්වල පසුවන වැලියාය හා කොටියාගල පදිංචිකාරිනියන්ය.

    ඔවුන් අද (17) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොණරාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Last modified on සිකුරාදා, 17 මැයි 2019 09:28

    Latest News