යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා රජයට ප්‍රකාශයක්

මැයි 17, 2019

    ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත, රුමේනියා තානාපති කාර්යාල සහ එක්සත් රාජධානියේ මහකොමසාරිස් කාර්යාලය මෙන්ම නෝර්වේ සහ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලවල
    එකඟතාව මත යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය විසින් පහත ප්‍රකාශය නිකුත් කර තිබේ.


    "පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් අනතුරුව හටගෙන ඇති ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ අපගේ දැඩි අවධානය යොමු වී ඇත.

    ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අපි පිළිගනු ලබන අතර, නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ජනතාව පොළඹවන්නන්ට සහ අපරාධකරුවන්ට එරෙහිව නීතිය එකලෙස ක්‍රියාත්මක කරන ලෙසත් අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

    බොහෝ යුරෝපා අටවලට ද පසුගිය වසරවල දී ත්‍රස්තවාදී ප්‍රහාර සහ වෛරී අවරාධ අත්විඳීමට සිදුවිය.

    එවැනි සිදුවීම් මගින් ප්‍රජාවට සිදුවන හානිය මෙන්ම ඒ හරහා රටක සමාජ ස්ථරය තුළ අත්විඳිය හැකි දිගුකාලීන අතුරු ඵල කුමනාකාර ද යන්න අපි දනිමු.

    පැහැදිලි නායකත්වයක් මෙන්ම වෛරය සහ ප්‍රචණ්ඩත්වය මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම අතිශය වැදගත් වන අතර සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව සහ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලූම ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි ශ්‍රී ලංකා රජය දිරිමත් කරන්නෙමු"

    Latest News