IOC ඉන්ධන බෙදාහැරීම යළි ඇරඹේ

ජූලි 10, 2022

    පිරවුම්හල්වෙත ඉන්ධන බෙදාහැරීම අද සිට යළි ආරම්භ කළබව ලංකා IOC සමාගම පවසනවා.

    එම සමාගම සඳහන් කළේ,  ත්‍රීකුණාමලය පර්යන්තය දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක බවයි. සැලසුම්කර තිබූ විරෝධතාව සැලකිල්ලට ගනිමින් ඉකුත් 8 සහ 9 දෙදින ඉන්ධන සැපයීම තාවකාලිකව නතර කිරීමට ලංකා අයිඕසී සමාගම පියවර ගෙන තිබුණා.

    එහි සාමාන්‍යාධිකාරි මනෝජ් ගුප්තා ට්විටර් පණිවිඩුයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉන්ධන බෙදාහැරිම අද සිට යළි ක්‍රියාත්මක බවයි. කෙසේ වුවද, ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දිවයිනපුරා පිරවුම්හල් ආශ්‍රිතව තවදුරටත් දැක ගත හැක්කේ දිගු ‍‍පෝළිම්.

    Latest News