ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක නෞකාවක් දිවයිනට

ජූලි 10, 2022

    ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් තවත් නෞකාව මෙරට මුහුදු තීරයට ළඟා වූ බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

    ඒ අනූව ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව හෙට (11) මෙරටට පැමිණීමට නියමිත බවද එහි සඳහන්. 

    අද පැමිණි නෞකාව පස්වරු 3.00 ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    ගෑස් මෙට්‍රික් ටොන් 3,200ක් සහිත තවත් නෞකාවක් ජුලි (15) මෙරටට පැමිණෙන අතර මේ මස සඳහා ඇණවුම් කර ඇති ගෑස් මෙට්‍රික් ටොන් ප්‍රමාණය 33,000ක් බව ජනාධිපති කාර්යාලය සිදුකළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    අදාළ නිවේදනය පහතින්

    HE Media

    Last modified on ඉරිදා, 10 ජූලි 2022 12:36

    Latest News